සිංහල දෙමළ සේවිකාවන්ගේ එකමුතුවෙන් අලංකාරවත් බක්මහ උළෙලක් අවිස්සාවේල්ල බ්‍රැන්ඩික්ස් ඇපරල් කර්මාන්ත ශාලා පරිශ්‍රයේදි සංවිධානය කර තිබුණි.
සීතාවක රාජධානියේ ආකෘතිය ඉදිකර ඊට ඇතුළත් බැරැන්ඩි කෝවිළ ඓතිහාසික මානියංගම රජමහාවිහාරය, රජමාළිගාව, ද අළංකාරව ඉදිකර රජු ද බිසෝවරු ද ඇතුළුව චරිතාංග ගණනාවක් මෙහි නිරූපණය කළේය.
ආරච්චි නිවස , වෙද ගෙදර , කෝපි කඩේ , පිං තාලිය ඇතුළු ගැමි පරිසරය ද නිර්මාණය කොට එහිද විවිධ චරිත කරමින් බක්මහා උළෙලේ අලංකාරත්වය දෙගුණ තෙගුණ කර තිබූ අතර අවුරුදු ජන ක්‍රීඩා වලින්ද උළෙල හැඩවිණි.