සුපිරි මඟට තවත් සුපිරි බස් 70ක්


මැයි මාසය ඇතුළත තවත් අධි සුඛෝපභෝගී බස් රථ සේවාවන් තුනක් ඇරැඹීමට ලංගමය සැරසේ.

නව සේවාවන් කොළඹ - මාතර,කොළඹ - ගාල්ල,කොළඹ - කුලියාපිටිය යන මාර්ගයන්ගේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයි ලංගම සාමාන්‍යාධිකාරී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසීය.බස් රථ ගමනාරම්භ කරනුයේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළෙනි.

ලංගමය දැනටමත් අධි සුඛෝපභෝගී බස් රථ 70 ක් පමණ ධාවනයේ යොදවයි.ද ක්ෂිණ   අධිවේගී මාර්ගය ඔස්සේ මහරගම - ගාල්ල,මහරගම - මාතර, කඩුවෙල් - මාතර, කඩුවෙල - ගාල්ල, පානදුර - මාතර යන මාර්ගයෙන්ගේද, කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ, කටුනායක - කොළඹ, කුලියාපිටිය - කොළඹ, හලාවත - කොළඹ, ජාඇල - කොළඹ යන මාර්ගයන්ගේද මෙම බස් රථ ධාවනය වේ.

දැනට ධාවනයේ යෙදවෙන අධි සුඛෝපභොගී බස් රථ වලින් දිනකට රුපියල් ලක්ෂ 20 ක පමණ ආදායමක් ලංගමය උපයන බව සදහන්ය.

අධිවේගී මාර්ගයන්ගේ ආගමනයත් සමග ලංගමයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට දක්ෂ රියැදුරන් හා සුඛෝපභෝගී බස් රථ අත්‍යාවශයම කාරණයකැයි ලංගම සාමාන්‍යාධිකාරී එස්.එම්.චන්ද්‍රසිරි මහතා කීය.දැනට ලංගමය සතුව වුවමනා තරම් දක්ෂ රියැදුරන් සිටිනා බවත් ඉදිරියේදී තවත් සුඛෝපභොගී බස් රථ ලංගමයට එකතු කර ගන්නා බවත් ඔහු පැවසීය.

උතුරු හා නැගෙනහිර පළාත්ද ඇතුලූව ලංකාවේ ප්‍රධාන නගර වල සිට අධි සුඛෝපභෝගී බස් රථ සේවාවන් ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයිද චන්ද්‍රසිරි මහතා සදහන් කළේය.