සුළඟ අප රැගෙන යාවී ජර්මනියේ ප්‍රදර්ශනයට


නුවන් ජයතිලකගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන සුළඟ අප රැගෙන යාවී (The Wind Beneath Us) චිත්‍රපටය මේ දිනවල ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක ප්‍රදර්ශනය කෙරේ. එමෙන්ම එය ඇමෙරිකාවේ හූස්ටන් අන්තර්ජාතික සිනමා උලෙළේ රෙමී සම්මානය දිනාගැනීමටද සමත්වී ඇත.

‘සුළඟ අප රැගෙන යාවී‘ චිත්‍රපටය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලන්ඩන් ජාත්‍යන්තර ආසියා  සිනමා උළෙල, නෙදර්ලන්තයේ සිනේකිඩ් සිනමා උළෙල, ඉතාලියේ මිලානොහි සිනමා ඩි රින්ගේරා සිනමා උළෙල, රෝමයේ සිනමා ඩි මැන්ඩෝ සිනමා උලෙළ හා පසුගිය මාසයෙහි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඉන්දියා  සිනමා උලෙළ යන සිනමා උලෙළවල අවසන් වට සඳහා තේරී පත්ව තිබේ. එමෙන්ම එය මෙම මස අගභාගයේදී කැනඩාවේToronto World International Film Festivalහිද තිරගත වීමට නියමිතය.

මේ අතර, ලබන මස 16 වැනිදා ජර්මනියේ මියුනිච් නගරයේ සහ ඉදිරි මාස කිහිපයේ ඉතාලියේ වෙරෝනා සහ බ්‍රෙෂියා නගර දෙකෙහි මෙන්ම මිලානෝ නගරයේ විශේෂ දර්ශන02ක්ද, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි, පර්ත් සහ මෙල්බර්න් නගරවලදීඑම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කර ඇත.

මෙහි තිර රචනයද නුවන් ජයතිලකගේම වන අතර නිෂ්පාදනය සම්මානනීය ගත්කරු සයිමන් නවගත්තේගමගේ දියණිය මායා නවගත්තේගම විසිනි.එමෙන්ම මෙහි සංගීත අධ්‍යක්ෂවරයා, කැමරා ශිල්පියා සහ නිෂ්පාදිකාව ඇතුළු ශිල්පීන්බහුතරයකගේකුළුඳුල් චිත්‍රපටය මෙය වීමදවිශේෂිත්වයකි.

සුළඟ අප රැගෙන යාවී චිත්‍රපටයේ රංගනයෙන් සුදම් කටුකිතුල, ප්‍රවීන් කටුකිතුල, සේමිනී හෙන්නායක යන ළමා නළු නිළියන් සමග අයිරාංගනී සේරසිංහ, ප්‍රියංකර රත්නායක, සුරංගා රණවක, සම්පත් ජයවීර, අංජන ප්‍රේමරත්න, සුජීව ප්‍රියලාල් යන ප්‍රවීණ නළු නිළියෝ රංගනයෙන් දායක වෙති.

විධායක නිෂ්පාදනයෙන් විමුක්ති ජයසුන්දර, කැමරාකරණයෙන් ස්ට්‍රයිනර් ඇඩම්ස්, සංගීතයෙන් චිත්‍රලාල් සෝමපාල, කලා අධ්‍යක්ෂණයෙන්  වයි. දේශප්‍රිය, සංස්කරණයෙන් සමන් ඇල්විටිගල, සහාය අධ්‍යක්ෂණයෙන් ප්‍රදීප් කේ. රාජපක්ෂ, වර්ණ සංයෝජනයෙන් ආන්නද බණ්ඩාර, සංගීත අධ්‍යක්ෂණයෙන් මහේෂ් කන්කාන්නගේ, නිෂ්පාදන කළමනාකරණයෙන් ලසන්ක මදුශංක යාපා, ගයාන් දේශප්‍රිය, ඇඳුම් නිර්මාණයෙන් සංජීව කරුණාරත්න සහ වේෂ නිරූපණයෙන් හර්ෂ මංජුලද මේ සඳහා දායක වී තිබේ.

01(47) Cover Nuwan