සූර්ය බලාගාර ව්‍යාපෘතියට කෝටි 800ක ආධාර ගන්න යයි


(නිමල කොඩිතුවක්කු)

වහල මත සවි කරන ගෘහස්ත සූර්ය බලාගාර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන්  රුපියල් කෝටි 800ක මූල්‍යමය ආධාර ලබා ගැනීමට කටයුතු කරන බව ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා කොළඹදී අද (13) පැවසීය.

මේ සඳහා  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙළ යටතේ වහල මත සවිකරන ගෘහස්ත සූර්ය බලාගාර ලක්ෂ දහයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියේය.

ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය සහ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඒකාබද්ධ කැබිනට් පත‍්‍රිකාවක් ලෙස මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.

අඩු අදායම් ලාභීන්ට මෙම වැඩසටහන යටතේ සහන ණය යෝජනා ක‍්‍රමයක් හඳුන්වා දෙනු ලබන අතර අක‍්‍රමිකතා වැලක්වීම සඳහා ගෘහස්ත සූර්ය බලාගාරයේ උපරිම ධාරිතාව කිලෝ වොට් 50කට  සීමා කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.