සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් තැන්පත්කරුවන්ට ලක්ෂ හය දක්වා ගෙවීම්


 
(රංජන් කස්තුරි )

ශ්‍රී ලංකා මහබැංකුව මඟින් බලපත්‍රය  අවලංගු කළ සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනයේ තැන්පත්කරුවන්ට රුපියල් ලක්ෂ හයක උපරිමයක් දක්වා ගෙවීම් සිදුකරන බව ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමයෙහි රෙගුලාසි අනුව එම මුදල් ගෙවන බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.