පසුගිය රජයේ ඇතැම් මැති ඇමතිවරුන් සංවර්ධන ව්‍යාපෘති අරඹා තමන්ගේ සාක්කු පුරවා ගැනිම ගැන පමණක් සිතුවත් මෛත්‍රී - රනිල් රජය රටේත් පරිසරයේත් ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසිය.
විල්පත්තු වන විනාශය ආරම්භ වුයේ පසුගිය රජය සමයේ දී බව කී අමාත්‍යවරයා එම රජයේ වැරදිවලට පිළිතුරු සෙවිමට වත්මන් රජයට සිදුව ඇතැයි සඳහන් කළේය.
විජයවර්ධන මහතා මේ බව පැවසුවේ සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් ආයතනයේ කොළඹ 02 , ජිනරතන මාවතේ ශාඛාව අද (22) පෙරවරුවේ ආරම්භ කළ “සොෆ්ට්ලෝජික් ෆයිනැන්ස් ක්ලීන් සොන්” ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
එම ආයතනය වටා මීටර් 500ක ප්‍රදේශය පිරිසිදුව තබාගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි