සෞදියේ රස සරණියට මහ සෙනග


සෞදි අරාබියේ නැගෙනහිර පළාත ශ්‍රී ලාංකික එකමුතුව විසින් සිංහල අවුරුදු සැණකෙළිය නිමිත්තෙන් ඉදිරිපත් කරන ලද “ශ්‍රී ලාංකික රස සරණිය” සහ අනිල් භාරති ගී මියැසිය දමාම් සෆුවා ෆාම් හවුස් හිදී පැවැත්විණි.

විශේෂ ආරාධිතයින්  ලෙස රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් සහ තානාපති හුසේන් මොහොමඩ් හුසේන් මහතා එක්විය.

ශ්‍රී ලාංකික රස බොජුන් සමග විවිධ ලාංකික ආහාර පාන ඇදුම් පැළදුම් වලින් සැදුම් ලත් නිර්මාණ කුටි අලංකාර ප්‍රදර්ශනයක් ලෙසින් දිස්වුණ මෙම ප්‍රසංගයේ ප්‍රවීන ගායක අනිල් භාරතිගේ මියුරු ගී මියැසියෙන් රසවත්විය.

දහසකට නොඅඩු ශ්‍රී ලාංකිකයෝ පිරිසක් සහභාගි වූ අතර ප්‍රසංගය අවසානයේ පැමිණ සිටි පිරිස වෙත වටිනා ත්‍යාග පිරිනැමිණි.

මෙම රස සරණිය ප්‍රසංගය සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය ,ටෙලි මනි,පීසී කාගෝ සහ ලංකා බැංකුව අනුග්‍රහය දක්වා තිබිණි.

DSC04368 DSC04328 DSC04324 DSC04296

DSC04292(1)