ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකු දෙකක සහ අනිකුත් බැංකු කිහිපයක සිටි ශ්‍රී ලංකා නියෝජිතයින් සෞදි බැංකු හා ඒකාබද්ධව කටයුතු නොකර හෙයින් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් ඇතුළු බොහෝ දෙනෙක් ලංකාවට මුදල් එවීමේ දී ප්‍රශ්න වලට මුහුණ පා සිටිති.
කොමර්ෂල් බැංකුවේ නියෝජිතයෙක් සෞදි අරාබියට පැමිණ සිටි.ලංකාවේ ඕනෑම බැංකුවක් සමග ගනුදෙනු කිරීමට සහාය දීමට ඔහු ඉදිරිපත්වී සිටී.
ඔහු පවසන්නේ ගිණුමක් නොමැති වුවද ඕනෑම බැංකුවකින් මුදල් ගැනීමටත් බැංකු ගිණුමකට මුදල් තැන්පත් කිරීමටත් හැකි බවයි.
සෞදි අරාබියේ පිහිටි ‘ටෙලි මනි’ මගින් මුදල් යැවිය හැකි අතරම ඇරැබ් නැෂනල් බැංකුව ගිණුමක් භාවිතා කරන අයට (ඒ එන් බී ,ඒ ටී එම්,ඒ එන් බී ෆෝන් බෑන්කින් ,ඒ එන් බී නෙට්) යන විද්‍යුත් බැංකු ක්‍රම මගින්ද මුදල් යැවිය හැකි බවයි.
මහජන බැංකුව,කොමර්ෂල් බැංකුව,හැටන් නැෂනල් බැංකුව ගනුදෙනු කිරීමේදී අවශ්‍ය සහාය දීමට තමාට නීතිමය ප්‍රතිපාදන ලබාදී ඇති බව ඔහු පවසයි.
ඕනෑම බැංකු කටයුතතක් සදහා ශරෝන් රත්නායක 0566626289 අමතන ලෙස ද ඔහු පවසයි.