විනීතා එම් ගමගේ
හම්බන්තොට වරාය ඇතුළත රුපියල් මිලියන 100 කට වැඩි වටිනාකමක් ඇති ආයෝජන ආරම්භ කිරීමට ආයෝජකයින් සුදානමින් සිටින බව වරාය හා නාවික අමාත්‍යාංශය කියයි.
සිමෙන්ති, ජීව වායු, නාවිකමය ඇතුළු විවිධ කර්මාන්ත ආරම්භ කිරීමට ආයෝජකයින් සිටින බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
මෙම සියලූ කර්මාන්ත හම්බන්තොට වරාය ඇතුළත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි පැවසූ අමාත්‍යවරයා මේ වසර ඇතුළත එම කර්මාන්ත බොහොමයක් ආරම්භ කිරීමට අදාළ ආයෝජකයින් කටයුතු කරනු ඇතැයි ද සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ වරාය හා නාවික අමාත්‍යාංශයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.