හර්ෂ ඇමරිකා ආයෝජකයනට අත වනයි


ශ්‍රී ලංකාවේ වැඩිපුර ආයෝජන කිරීමට ඇමරිකා ව්‍යාපාරිකයින් පොළඹවන ලෙස විදේශ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා  එක්සත් ජනපද රජයෙන් ඉල්ලා සිටියේය.

වොෂින්ටන් අගනුවර එක්සත් ජනපද නිලධාරීන් සමඟ පැවැත් වූ සාකච්ඡා කිහිපයකදීම නියෝජ්‍ය අමාත්‍ය මෙම ඉල්ලීම කළ බව ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.