( තිළිණි ද සිල්වා )
හස්ත කර්මාන්ත සංවර්ධන සඳහා මෙම වසරට රුපියල් මිලියන 25 ක මුදලක් වෙන් කර ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ඊට අදාල ව්‍යාපෘති යෝජනා ලබාදෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා යවා ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කර සිටී.
දිවයින පුරා විසිර සිටින සම්ප්‍රදායික හස්ත කර්මාන්තකරුවන් නගා සිටුවීමේ අරමුණින් මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක බවයි එම අමාත්‍යාංශය සඳහන් කරයි.