හැටන් නැෂනල් බැංකුවේ නව සභාපති දිනේෂ් වීරක්කොඩි


 
 
දිනේෂ් වීරක්කොඩි මහතා මෙම වසරේ මැයි 26 සිට  හැටන් නැෂනල් බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ. මෙම පත්කිරීම කර ඇත්තේ වර්තමාන සභාපතිවරයා වන රියෙන්සි අර්සකුලරත්න මහතා  විශ්‍රාම ගැනීමෙන් පසුවය.
 
රියෙන්සි අර්සකුලරත්න මහතා  දැනට 70 වැනි වියේ පසුවන්නෙකි.  වීරක්කොඩි මහතා  2017 ජූනි 29 වැනිදා  ස්වාධීන  නොවන හා විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු ලෙස හැටන් නැෂනල් බැංකුව සමඟ සම්බන්ධ වී ඇත.
 
වීරක්කොඩි මහතාගේ සුදුසුකම් මත අධ්‍යක්ෂක බල මණ්ඩල නාම යෝජනා කමිටුවේ නිර්දේශය අනුව බලපත්‍රලාභී වාණිජ බැංකුවක අධ්‍යක්ෂකවරයකු ලෙස මෙම පත්කිරීම සිදුකර ඇත.