හිල්ටන් හෝටලයේ කොටස් විකිණීමට යයි


(රංජන් කස්තුරි)

රජයට පූර්ණ අයිතිය හිමි කොළඹ හිල්ටන් හෝටලයේ කොටස් වහාම පෞද්ගලික අංශයට විකිණීමට රජය තීරණය කර තිබේ.

හිල්ටන් හෝටලයේ කොටස් අයිතියෙන් 51%ක් සුදුසු ආයෝජකයකුට පවරන අතර 4%ක කොටස් අයිතිය සේවකයින්ටත් අනෙක් 45%ක කොටස් අයිතිය කොළඹ කොටස් වෙළඳපොළේ විකිණීමටත් නියමිතය.