තම රටට අයත් සබ්මැරීන හා යුද නෞකා ශ්‍රි ලංකාවට පැමිණෙන්නේ ඉන්ධන පුරවා ගැනීමට හා ඒවායේ සේවකයින්ට මද විවේකයක් ලබාදීමට පමණක් බවත් එනිසා ඉන්දියාව අනවශ්‍ය පරිදි කරදර විය යුතු නැති බවත් චීන ආරක්ෂක අමාත්‍යංශය කියයි.
අමාත්‍යංශය මේ බව පවසා ඇත්තේ පසුගියදා කොළඹ වරායට පැමිණි චීන සබ්මැරීනයක් හා යුද නෞකාවක් අරබයා ඉන්දියාව නොසන්සුන්වීමත් සමගය.පසුගිය සැප්තැම්බර් මාසයේදීද චීන සබ්මැරීනයක් කොළඹ වරායට පැමිණූනු අතර එම අවස්ථාවේදීද ඉන්දියාව එම සබ්මැරීනයේ ආගමනය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථය දැනවීය.
ජාත්‍යන්තරයේ තලයේ පවා එක් රටකට අයත් යුද යාත්‍රා තවත් රටක වරායක නැංගුරම් ලෑම සාමාන්‍ය දෙයක් බව පෙන්වා දෙන චීන ආරක්ෂක අමාත්‍යංශය මේ යුද යාත්‍රා ආදම්ගේ බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේ සිටිනා සෝමාලි මුහුදු කොල්ලකරුවන් මර්දනය කිරීමට යෙදවීමට නියමිත බවද පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවද මේ සම්බන්ධයෙන් කලබල විය යුතු නැතැයි ඉන්දියාවට දැනුම්දී තිබෙන අතර 2010 වසර සිට මේ දක්වා යුධ නෞකා 210 ක් පමණ කොළඹ වරායට පැමිණ ඇතැයිද පෙන්වා දී තිබේ.
කෙසේනමුත් ඇතැම් ඉන්දියා බළධරයින් චීනය නිදහසට ඉදිරිපත් කරනා කරුණු පිළිගැනීමට අදිමදි කරයි.ඔවුන් පවසන්නේ කොල්ලකරුවන් මෙල්ල කිරීමට සබ්මැරීන වලින් වැඩි ප්‍රයෝජනයක් නැති තැන ඒවා අසල්වැසි රටවල මුහුදු කලාපයන් වෙත ගෙන ඒමට චීනය කටයුතු කරන්නේ කිසියම් සැළසුමක් ක්‍රියාත්මක කිරීමට බවයි.