නුදුරේදීම ඉලෙක්ට්‍රොනික චිපයක් සහිත නව ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමට සැළැසුම් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුව කියයි.
තිබෙන පැරණි හැදුනුම්පත් වෙනුවට චිපය සහිත නව හැදුනුම්පත් ලක්ෂ 150 ක් පමණ නිකුත් කිරීමට කටයතු දැනටමත් අරඹා ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුවේ කොමසාරිස් ජනරාල් ආර්.එම්.එස්.සරත්කුමාර මහතා පවසයි.ඒ සදහා හැදුනුම්පත් නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 331 ක් දිවයිනේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල ඇතිකිරීමටද නියමිතය.
දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වලට අනුව හැදුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු කඩිනම්වත් සාර්ථකවත් කිරීම සදහා උපාධිධාරී පුහුණු අයවලූන් 800 ක් පමණ බදවා ගැනෙනු ඇත.
නව හැදුනුම්පත් කිසි ලෙසකින්වත් ව්‍යාජ ලෙස නිපදවීමට නොහැකි වන පරිද්දෙන් නිපදවන බව සදහන්ය.අන්තර්ගත කැරෙන චිපයේ හැදුනුම්පත හිමිකරුවාගේ ජීව දත්ත සටහනක්,ඇගිලි සළකුණු,රුධිර ගණය ආදී තොරතුරුද අඩංගු කෙරෙනු ඇත.