පසුගිය නොවැම්බර් 5 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ මධ්‍යකාලීන ආර්ථික ප්‍රතිපත්ති යෝජනාවලිය මත පදනම්ව 2016 අයවැය සකස් කර ඇතැයිද ඔවුන්ගේ බලාපොරොත්තුව 2020 වනවිට ආයෝජකයන්ට අඩු බදු රාජ්‍යයක් බවට මෙරට පත් කිරීම බවත් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ කැඳවුම්කරු චින්තක රාජපක්ෂ පැවසීය.
රජය ඉදිරිපත් කළ මධ්‍යකාලීන ආර්ථික ප්‍රතිපත්ති යෝජනා පිළිබඳ ‘ජනතාවාදී අයවැයක් සඳහා ක්‍රියාකාරී එකතුව‘ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීවේය.
මෙය අප රටේ ඇතිකළ අසාර්ථක ආර්ථික ප්‍රතිපත්තියක් බවද ගොවි, ධීවර, කම්කරු හා කාන්තා ඇතුළු ක්ෂේත්‍රයන්වලට මේ අයවැයෙන් සහනයක් ලැබේවි යැයි බලාපොරොත්තුවන බවද ඔහු පැවසීය. එසේ සහන නොලැබුණහොත් ඉදිරියේදී දැඩි ක්‍රියා මාර්ග ගන්නා බවත් එම ව්‍යාපාරයේ කැඳවුම්කරු සඳහන් කළේය.