යුරෝපා වෙළෙඳපොළේ ශ්‍රී ලංකා මත්ස්‍ය නිෂ්පාදනවලට අහිමි වූ ස්ථානය නැවත දිනාගත යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වාදෙයි.
වසර 10කට පෙර යුරෝපා රටවල මත්ස්‍ය මිල තීරණය කළේ ශ්‍රී ලංකාව බව සඳහන් කරන අමාත්‍යවරයා අද මිල තීරණය කරන්නේ මාලදිවයින යැයි ද සඳහන් කළේය.
එහෙයින් මෙරටට අහිමි වු එම ස්ථානය යළි දිනා ගැනීමට රජය කටයුතු කරන බව ද ඊට මත්ස්‍ය අපනයනකරුවන්ගේ සංගමයේ සහාය ද අවශ්‍ය බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මත්ස්‍යයින් විදේශවලට අපනයනය කිරීමේ දී ඊට අවශ්‍ය තොග අප රටේ ධීවරයන්ගෙන් ගන්නැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා මත්ස්‍ය අපනයනකරුවන්ගේ සංගමයෙන් ඉල්ලීමක් ද කර ඇත.