‘ඇමෙරිකාව ගොලායත් වගේ‘


මෙම මස 3 වැනිදා පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ  සැසිවාරයේදී එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් ශී්‍රලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට යන යෝජනාවේ කිසිදු සාධාරණත්වයක් නැතැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ විදෙස් පුවත් ආයතන මාධ්‍යවේදීන් හා පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදීය.මෙම හමුවට ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදේශ අමාත්‍ය ජී.එල්.පීරීස් යන මහත්වරුද එක්ව සිටියහ.

ඇමරිකාවේ මේ උත්සාහය බයිබලයේ සදහන් ‘දාවිත් හා ගොලයාත්‘ගේ යුද්ධය හා සමාන යැයි පැවසූ ජනපතිවරයා ශී්‍රලංකාව තම හැකි පමණින් යුද්ධයෙන් පසු රටේ හා ජනතාවගේ තත්ත්වය නගා සිටුවීමට කටයුතු කර තිඛෙන බවත් ඉදිරියටත් කටයුතු කරන බවත් කීය.උතුරුකරයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ඩොලර් කෝටි 450ක්  වියදමින් ක්‍රියාත්මක වැඩසටහන් හා හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 13000 පුනරුත්ථාපනය කර යළි සමාජ ගත කිරීමේ වැඩකටයුතු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමටද ජනපතිවරයා කටයුතු කළේය.

මානව හිමිකම් කඩවී ඇතැයි බටහිර නගන චෝදනා වල කිසිදු පදනමක් නැති බවත් එසේ මානව හිමිකම් කඩවීමක් සිදුවී ඇත්දැයි සොයාබලමින් පවතින බවත් විශේෂයෙන් යුධ සමයේදී සිදුවී ඇතැයි කියන අතුරුදන් වීම් සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපති කොමිසමක්් පත් කර තිඛෙන බවත් ජනපතිවරයා පැවසීය.

ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා කොමිසමේ ප්‍රගතිය ගැන කරුණු දැක්වීය.කිළිනොච්චිය හා යාපනය යන ප්‍රදේශවල අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සිදුකළ සමිීක්ෂණයන්ගෙන් එම අතුරුදන්වීම් පසුපස සිටින්නේ කොටි සංවිධානය බව සොයාගැනීමට හැකි වීයැයි හෙතෙම පැවසීය.කොමිසමේ වාර්තා මේ වන විට අධ්‍යනය කෙරෙමින් පවතින බවත් එසේ අගතියට ලක්වූ පවුල් වෙනුවෙන් ගත යුතු වන පියවර ජනපති නියමයෙන් නුදුරේදීම ගන්නා බවත් වීරතුංග මහතා කීය.

ඇමරිකාව ගෙන එන යෝජනාවට එරෙහිව දිගටම සටන් කරන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහතික කළේය.යෝජනාවට සහය දෙන රටවල් සම්බන්ධයෙන්ද සදහනක් කළ ජනපතිවරයා එම රටවල් වල ඇතැම් දේශපාලඥයින් ශී්‍රලංකාවට එරෙහිව කටයුතු කරන්නේ දෙමළ ඩයස්පෝරාවේ කියුම් අනුව මෙහෙයවී බව පැවසීය.ඔවුන් එසේ කරනුයේ ඩයස්පෝරා සාමාජිකයින්ගෙන් ලැඛෙන ඡන්ද ගැන සිතා පමණක් බවද ජනපතිවරයා කීය.