‘උතුරු මහ ඇමතිගෙන් සහායක් නෑ‘


උතුරු පළාත් අමාත්‍ය සී.වී විගනේස්වරන් සංවර්ධන ව්‍යාපෘතීන් වැනි කරුණු වලදී රජය හා සහයෝගයෙන් කටයුතු කරන්නේ නැතැයි ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මහ ඇමතිවරයාගේ මේ ක්‍රියාකලාපය නිසා අවසානයේ දුක්විදීමට සිදුවන්නේ උතුරු පළාතේ ජනතාවට බවයි.

කොළඹ නගර සභාවේ පාලනය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට වුවද ඔවුන් නාගරික සංවර්ධන අමාත්‍යංශය හා ඉතා සහයෝගයෙන් කටයුතු කරන බවත් එනිසාම කොළඹ නගරය ආසියාවේ අලංකාරම නගරයක් බවට දැන් පරිවර්තනය වෙමින් තිඛෙන  බවත් ආරක්ෂක ලේකම් වරයා කියයි

විරුද්ධ පාක්ෂිකයින් යැයි කියා රජය ඉදිරිපත් කරන සෑම දෙයකටම විරුද්ධ නොවී රජය හා සහයෝගයෙන් පොදුජන හිතසුව වෙනුවෙන් වැඩකළ යුතුව ඇතැයි ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.