තායිලන්තයේ බැංකොක් නුවරට දිනපතා පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට නම් ආහාරපානවල ප්‍රශ්නය ගැටළුවක් නොවන්නේ බැංකොක් අග නගරයේම පවත්වාගෙන යන ‘මානෙල් ලංකා‘ අවන්හල නිසාය. ශ්‍රී ලාංකීය යුවළක් ඒ අවන්හල පවත්වාගෙන යති.
ගමේ ගෙදරදී වගේ කෑම කෑ හැකි ලෙස සකසා ඇති එම අවන්හලට පසුගිය සතියේ තම පස්වැනි සංවත්සරය සැමරීය.
මීගමුව කොච්චිකඩේ නිමල් ඇන්තනී ප්‍රනාන්දු හා මැනල්ඩා ලක්ෂ්මී මානෙල් යුවළ මෙහි හිමිකරුවෝය.
බැංකොක් නගරයේ පටුනාමි නගරයේ රාජපරොප්සොසි හතරවැනි වීදියේ අංක 447/61 ස්ථානයේ මෙය පවත්වාගෙන යයි.
දිනපතාම පෙරවරු 9ට විවෘත වන මෙම ආපන ශාලාව බොහෝ විට වසා දැමෙන්නේ රාත්‍රී 12 පසුවීය. ශ්‍රී ලංකාවේ ජීවත්වීමට තරම් ප්‍රමාණවත් රැකියාවක් නොවූ නිමල් - මානෙල් යුවළ සියලු දේපළ විකුණා කුඩා දියණිය හා පුතු රැගෙන 2002 වසරේදී තායිලන්තයට පැමිණ ඇත. මෙරටදී හඳුනාගත් අයකුගේ මග පෙන්වීම අනුව තායිලන්තයට පැමිණ ඇත්තේ නවසීලන්තයට යාමේ බලාපොරොත්තුවෙනි. නමුත් පෙරකී පුද්ගලයා ඔවුන් අතරමං කර දමා රටෙන් පළා ගොස් ඇති අතර පසුව බැංකොක් නුවර කතෝලික පල්ලියේ උපකාර අනුව ජීවත් වී පසුව මෙම හෝටලය පටන්ගත් බවත් තම බිරියට රසට කෑම ඉවීමට හැකි නිසා මෙය දියුණු කරගැනීමට හැකිවූ බවත් නිමල් මහතා පැවසීය.
මේක තියෙන්නේ සියම්, චිට්ලොම් අතර රැචප්‍රාෙරාප් අතර. ඔබ පැමිණ තෝරාගන්න හොටෙල් එක අනුව මාර්ගය විස්තර කිරීම වෙනස් විය හැකි නමුත් ලේසිම ආකාරය රට්ටප්‍රරොප් මාර්ගයට මුහුණලා ඇති ඉන්ද්‍ර එස් කුරේ එක ඉදිරිපස හතරවැනි පටුමගෙහි පිහිටා ඇති බව අපේ පාඨකයෙක් අපට දන්වා එවීය.