ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි අර්බුදයට මුහුණදීම සඳහා ඉදිරි සිව් වසරක කාලයේ විදුලි බලාගාර අටක් ඉදිකළ යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
එබැවින් ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කළ 2015- - 2034 දිගුකාලීන විදුලි උත්පාදන සැලසුම සඳහාද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාදුන් බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසීය.