(හර්ෂණ තුෂාර සිල්වා / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
ගෝලීය අභියෝග හමුවේ තේ කර්මාන්තයේ දියුණුව උදෙසා නව දැක්මක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (9) ප්‍රකාශ කළේය.
කෝප්පයකට දමා තේ දමා දෙන සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබ්බට ගොස් තේ කර්මාන්තය පූර්ණ නවීකරණයකට යා යුතු බව අගමැති පැවැසීය.
මෙරට තේ කර්මාන්තයට වසර 150ක් පිරීම නැමැත්තෙන් පැවැත්වෙන ‘කොළඹ ජාත්‍යන්තර තේ සම්මේලනයේ’ ආරම්භ සැසියේ ප්‍රධාන ආරාධිතා අමුත්තා ලෙස සහභාගී වෙමින් ඔහු එම අදහස් පළ කළේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ අග්‍රමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.
“තේ කර්මාන්තයට අලුත් දැක්මක් අවශ්‍යයි. එහිදි අපට බොහෝ දේ පිළිබඳ බලන්න වෙනවා. අපිට පුළුල් දැක්මක් අවශ්‍යයි. ජනගහනය, ජනවිකාශය, ඉල්ලුම සැපයුම, අලෙවිකරණය, ප්‍රවර්ධනය, තේ වගාව, ඉඩම්, ශ්‍රමය, දේශගුණ විපර්යාස අදී බොහෝ දේ ගැන අපට බලන්න වෙනවා. අපට තේ තිබෙන්නේ එක වෙළෙඳපොළයි. එය කොළඹ තේ වෙළෙන්දන්ගේ වෙළෙඳපොළ නෙමෙයි. එය ගෝලීය තේ වෙළෙඳපොළයි. අපි සැලැසුම් සකස් කළ යුත්තේ ගෝලීය වෙළෙඳපොළ දෙස බලලා. එය දීර්ඝකාලීන සැලැස්මක් විය යුතුයි. අපිට ඒ සඳහා තරුණ අමාත්‍යවරයෙක් සිටිනවා. ඔහුගේ පියා ගාමිණි දිසානායක මහතා මහවැලියට දායකත්වය දුන්නා. ඔහුගේ පුතා නවීන් දිසානායක අපේ තේ කර්මාන්තය ඉදිරියට ගෙන යාවි කියා මා විශ්වාස කරනවා”