‘තේ පැන් දින දින වැඩි වැඩියේ - බීමට ඉරානයටත් ඉඩ සැලසේ‘


ශ්‍රී ලංකාවේ තේ ඉරානයට අපනයනය කිරීම සඳහා අවස්ථාව දෙන්නැයි රජය කළ ඉල්ලීමට ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගෙන් සුබවාදී පිළිතුරු ලැබුණු බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා කීවේය.

ඉරානයට ඇමරිකා සම්බාධක පැනවීමෙන් ලංකාවේ තේ අපනයනයටද බාධා එල්ලවී ඇතැයිද ඒ බව කෙරීගේ මෙරට සංචාරයේදී පෙන්වාදුන් බවත් මාස කිහිපයක් තුළ අදාළ සහන ලංකාවට ලබාදීමට ඇමරිකාව කටයුතු කරන බවටත් රාජ්‍ය ලේකම්වරයා පොරොන්දුවූ බවද නියෝජ්‍ය ඇමැති පැවසීය.