‘දා බිඳු මුතු‘ වෙළඳ ප්‍රදර්ශනය දියත උයනේ


සමෘද්ධි ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් ඒකරාශි කරමින් සමෘද්ධී “දා බිඳු මුතු” ජාතික වෙළෙඳ ප්‍රදර්ශනය දෙසැම්බර් මස 06 ,07,08 තෙදින බත්තරමුල්ල දියත උයනේ දී පැවැත්වීමට නියමිතය.

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අලෙවි අංශය සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය සමෘද්ධි වැඩසටහන ගැන උපරිම විශ්වාසය තැබූවන් වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඔවුන්ට වෙළෙඳපොල අවස්ථා උදාකර දීමේ අරමුණින් සංවිධානය කර ඇත.

මේ සඳහා සහභාගි වන ව්‍යවසායකයන් අතුරින් හොඳම ව්‍යවසායකයන් 10 දෙනකු තෝරාගෙන ඒ අයට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීමටද නියමිතය.

ප්‍රදර්ශනයේදී අත්කම් නිෂ්පාදන,  අත්යන්ත්‍ර නිෂ්පාදන - සාරි, බෙඩ් ෂීඩ්, මේසරෙදි හා අත්පිස්නා ,එළවළු පැල හා විසිතුරු පැල කම්මල් උපකරණ, කජු , කුළුබඩු නිෂ්පාදන, චිත්‍ර නිර්මාණ ,ගෘහ භාණ්ඩ , ධාන්‍ය වර්ග ඉතා පහසු මිලට මිලදී ගත හැකිය.

DSC_0188 DSC_0210 DSC_0227