පාරිභෝගික සේවා වැඩි දියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් සමාගම ‘පියාසැරියට සුදානම්‘ නමින් වැඩසටහනක් ආරම්භ කර තිබේ.
මෙමගින් ශ්‍රී ලන්කන් ගුවන් ගමන් නියමිත වේලාවට ක්‍රියාත්මක කිරූමට අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා නිසි වේලාවට ගුවන් යානය වෙත පැමිණෙන්නැයි ගුවන් සමාගම සිය ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් කරයි.
පිටත්වීමේ දොරටුව වෙත ගුවන් ගමනට විනාඩි 40 ට පෙර පැමිණ ගුවන් සමාගමට මෙන්ම සෙසු ගුවන් මගීන් වෙතත් සහයෝග ලබා දීමට පියාසැරිය සුදානම් බවද ගුවන් සමාගම නිවේදනය කරයි.
ගුවන් මගීන්ගේ මූලික අරමුණ වී ඇත්තේ ඔවුන්ගේ ගමන නියමිත වෙලාවට පිටත් වීම බැවින් ඒ සඳහා මෙම වැඩසටහන උපරිම වශයෙන් බැඳි සිටී.
ගුවන් සමාගමේ “පියාසැරියට සූදානම්” ඉලක්ක වෙත ළඟා වීම සඳහා පිටත්වීමේ දොරටු ගුවන් යානය පිටත්වීමේ වේලාවට විනාඩි 20 ට පෙර වසා දැමීමට කටයුතු කළ යුතු අතර මෙම කාල සීමාවෙන් පසු කිසිදු ගුවන් මගියෙකු ගුවන් යානය තුළට පිළිනොගන්නා අතර ඔවුන්ගේ පරීක්ෂා කළ ගමන් මලු ගුවන් යානයෙන් පිටතට ගැනීමට කටයුතු කරන බවද ගුවන් සමාගම දන්වා සිටී.
සියලුම ගුවන් මගීන් ගුවන් තොටුපළ වෙත වේලාසන පැමිණීමෙන් ගුවන් තොටුපළ කාර්යයන් සහ තම පෞද්ගලික අවශ්‍යතා වන ආහාර පාන ගැනීම සහ භාණ්ඩ මිළඳී ගැනීම් යනාදිය නියමිත වේලාවට සිදුකරහැකි වනු අතැයි ශ්‍රීලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් පවසයි.
(36698)