‘ප්‍රීමා පාන් මිල වැඩි කළේ අපි නොවෙයි’


ප්‍රීමා  තිරිඟු  පිටි කිලෝවක මිල රුපියල් 7.20 කින්  වැඩි  කිරිම නිසා  පාන් ඇතුළු අනිකුත් නිෂ්පාදන මිල ඉහළ නංවන්නේ දැයි බේකරි  හිමියන්ගේ සංගමයේ  සභාපති  එම්.කේ.ජයවර්ධන මහතාගෙන් විමසු විට ඔහු මෙසේ පැවසීය.

දැනට  තිරිඟු පිටි  කිලෝවක මිල වැඩි  කර  ඇත්තේ ප්‍රිමා  සමාගම බැවින්  යම් හෙයකින්  සෙරන්ඩිබ් සමාගමත්  කිලෝවක මිල වැඩි කළ හොත්  පාන් මිල හා  අනෙකුත්  නිෂ්පාදන මිල ගණන් ඉහළ දැමීමට සළකා බැලිය යුතු බව කියයි.

පාන් මිල වැඩි කර ඇති බවට  රාවයක් මතු වුවත් එහි වගකීම බේකරි සංගමයට ගත නොහැකි බව ද ඔහු පවසයි.