ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ (එම්.බී.එස්.එල්) ප්‍රධාන කොටස් අයිතිය විකිණීමට යතියි ද, එය ප්‍රබල ලෙස සේවකයන්ට ද බලපාතියි ද කියමින් බ්‍රහස්පතින්දා (21) කොම්පඤ්ඤ වීදිය එම්බීඑස්එල් බැංකුව අසලදී උද්ඝෝෂණයක් පැවැත්විණි.
බැංකු සේවකයෝ විශාල පිරිසක් ඊට සහභාගී වූහ.
එම බැංකුවේ දිවයින පුරා ශාඛා 62ක සේවක සේවිකාවන්ගේ සහභාගීත්වයෙන් ලබන සඳුදා (25) උදේ 9.30 පාගමනක් ආරම්භ කර අරලියගහ මැදුර දක්වා ගොන් ඒ ගැන ජනපතිට සංදේශයක් බාර දීමට ද නියමිත බව බැංකු සේවකයෝ කියති.