පසුගිය රජය සමයේ ආරම්භ කළ මහා පරිමාණයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් නුදුරේදීම නැවත ආරම්භ කෙරෙනු ඇති බව රජය පසුගියදා සහතික කළේය.
නව රජය බලයට පත්වූ වහාම එම ව්‍යාපෘතීන් අත්හිටුවීමට කටයුතු කෙරුණේ හිටපු රජය ව්‍යාපෘතීන් ආරම්භ කර තිබුණද අයහපත් ආර්ථික ප‍්‍රතිපත්ති වල ප‍්‍රතිඵලයක් ලෙස එම ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරන රටවලට හා කොන්ත‍්‍රාත්තුකරුවන්ට ඩොලර් බිලියන 28 ක පමණ මුදලක් ගෙවීම අතපසු කර තිබුණු නිසාවෙන් බව මහාමාර්ග හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.
තමන් භාණ්ඩාගාරයෙන් කළ ඉල්ලීමකට අනුව ව්‍යාපෘති නැවත කි‍්‍රයාත්මක කිරීම සදහා දැන් ක‍්‍රමයෙන් මුදල් නිදහස් කෙරෙමින් පවතින බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වන දිගුවේ වැඩ කටයුතු ජූලි මස 4 වෙනිදා ආරම්භ කිරීමටත්,කොළඹ නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු තවත් දෙසතියක් ඇතුළත ආරම්භ කිරීමටත්,කොළඹ රත්නපුර යෝජිත අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සදහා තරඟකාරී ටෙන්ඩර් කැදවීමක් සිදුකිරීමටත් සැළසුම් කර තිබෙන බව අමාත්‍යවරයා කීය.
ග‍්‍රාමීය මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව තිබෙන බව කී අමාත්‍යවරයා එම කටයුතු වෙනුවෙන් දැනට රුපියල් ලක්ෂ 300 ක මුදලක් වෙන්කර ඇතැයි ද පැවසීය.