ජූනි මාසයේ හා දෙසැම්බර මාසයේ එළවළු මිල වැඩි වූයේ දේශගුණික විපර්යාස නිසා බවත්, වෙනත් කිසිදු හේතුවක් නිසා අනවශ්‍ය ලෙස එළවළු මිල වැඩි වී නැති බවත් මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
රාජපක්ෂ සමයේ කඩා බිඳ දැමූ ආර්ථිකය ගොඩ නැගීමේ වගකීම තමාට පැවරී ඇති බවත් ඔහු සඳහන් කළේය.