‘වයිබර්‘ සිංහලෙනුත්


ජපානයේ රකුටෙන් ඒසියා පෞද්ගලික සමාගම වයිබර් මෘදුකාංගය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි. එහි කාර්යාලයක් ඉන්දියාවේ ද ඇත. තම සමාගමට එවැනි සිහිනයක් තිබෙන බව එම සමාගමේ දකුණු ආසියා කලාපයේ ප්‍රධානී අනුබාව් නායර් පැවසීය.

‘සිංහල හා දෙමළ භාෂාවලින් වයිබර් මෘදුකාංගය ශ්‍රී ලංකාව පුරා හඳුන්වාදෙන්න අප බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සිංහල අලුත් අවුරුද්ද පොංගල් උත්සවය ඔවුන්ගේ අයුරින්ම සමරන්න හිත මිතුරන්ට සුබ පැතුම් යවන්න අවස්ථාව සලසා දීමේ සිහිනයක් අපිට තියෙනවා. රාජ්‍ය ආයතනවල තොරතුරු හුවමාරු කර ගැනීමට ‘වයිබර්‘ භාවිත කළ හැකියි.

ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති හා එළිදැක්වීමට නියමිත නිෂ්පාදන සාර්ථක වනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඉන්දියාවේදී අපි සාර්ථක වුණා. අලුත් අලුත් මෘදුකාංග පැමිණෙනවා. තොරතුරු තාක්ෂණ නිෂ්පාදන බිහිවෙනවා. ඒත් ඒවා වයිබර් මෘදුකාංගයට තර්ජනයක් නොවේ.‘ යැයිද ඔහු කීවේය.