‘වැඩ හොඳනම් බක්කරේට පඩිය ලක්ෂ තුනයි‘


වර්තමානයේදී නාගරික මෙන්ම අර්ධ නාගරික ජනතාවගේ ක්ෂණික හා ප්‍රධාන ආහාරයක් ලෙස පාන් සඳහා හොඳ ඉල්ලුමක් පැවතියද පාන් නිෂ්පාදනයට අඩාල විය හැකි බව ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ.ජයවර්ධන මහතා පවසයි.

පාන් නිපදවීමේදී පුහුණු ශ්‍රමිකයන්ගේ (බක්කරේ) හිඟය කර්මාන්තයේ ඉදිරි පැවැත්මට බලපා ඇති බවත් එය දියුණු කිරීමට හෝ පුහුණු වීමට තරුණයින් උනන්දු නොවීම මීට හේතුව බවත් ඔහු කියයි.

පාන් නිපදවීමේ පුහුණු ශ්‍රමිකයකුට ඇතැම් සුපිරි හෝටල් ආශ්‍රිතව වෘත්තියට එකතුවී මාසික ආදායම රුපියල් ලක්ෂ තුනක් පමණ උපයා ගැනීමට හැකි බවද සභාපතිවරයා කීය.