‘ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුත් යානා හතක්‘


ශ්‍රී ලංකන් ආයතනයට අලුතින් ගුවන් යානා හතක් මිලට ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක අද (2) තොටළඟ සංඝබෝධි විදුහලේ පැවැති උත්සවයකදී පැවසීය.

ඇතැම් අය එවැනි දේ විවේචනය කළ ද පාඩු නොලබා එම ආයතන පවත්වාගෙන යෑමට නම් එසේ කළ යුතු බවද මුදල් ඇමැතිවරයා කීය.