(හර්ෂණ තුෂාර සිල්වා)
කොළඹ ගාලු මුවදොර ඉදි කරන ලද ‘ෂැංග්‍රි ලා’ හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) විවෘත කෙරුණි.
මෙරට ඉදි කරනු ලැබූ දෙවැනි ‘ෂැංග්‍රි ලා’ හෝටලය වන ‘ෂැංග්‍රි ලා කලම්බු’ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා පැවැති ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උත්සවයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙසින් සහභාගි විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බෙර වාදන මධ්‍යයේ පීත්ත පටිය කැපූ අතර ජනාධිපතිවරයා චීන සංස්කෘතිකාංගයක් වන සිංහයාට ඇස තැබීමේ අවස්ථාවට ද සහභාගි විය.
ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ සහ ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් පොල්තෙල් පහන් දැල්විණි. ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝටලයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කරමින් එහි තිබූ සමරු පලකය නිරාවරණය කළේය.
එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, ‘ෂැංග්‍රි ලා’ ජාත්‍යන්තර හෝටල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී බෙන් චී ලිම්, ‘ෂැංග්‍රි ලා කලම්බු’ හෝටලයේ සාමාන්‍යාධිකාරි තිමොති රයිට්, අලෙවි හා කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස් මැක්ෆෝල් යන මහත්වරු සහභාගි වූහ.
එයින් අනතුරුව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු ප්‍රධාන ආරාධිතයෝ සමරු සටහන් පොතේ සමරු සටහන් යෙදූහ.
බොලිවුඞ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්, ෆැන් යී රින්, ලූ ලූ යන මහත් මහත්මීන් ‘ෂැංග්‍රි ලා කලම්බු’ හෝටලයේ පළමු අමුත්තන් ලෙස පිළිගන්නා ලදි.
‘ෂැංග්‍රි ලා කලම්බු’ හෝටලය විවෘත කිරීමේ උත්සවයට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස,මහානගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, තානාපති නිලධාරීන්, ෂැංග්‍රිලා හෝටල් සමූහයේ අධ්‍යක්ෂකරුවන්, කළමනාකරුවන් ඇතුළු ආරාධිතයෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)