යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතීන්ට දැරීමට සිදුවිය ඇති අධික වියදම නිසා වර්ධනය වී ඇති ආර්ථික පීඩනය අවම කර ගැනීමට සහනදායී ක‍්‍රම යටතේ මුදල් ලබා ගැනීමේ මාර්ග සොයාගැනීමට ශී‍්‍ර ලංකාවට සිදුව ඇතැයි මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යංශය ශී‍්‍ර ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් 2013 වසර සදහා නිකුත් කර ඇති වාර්තාවේ දැක්වේ.
එම වාර්තාවේ සදහන් පරිදි ශී‍්‍ර ලංකාව සිටින්නේ රටෙහි කි‍්‍රයාත්මක වන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතී මෙහෙයවන රටවල් හා ආයතනයන් හා සහනදායී ක‍්‍රම යටතේ ආධාර ලබා ගැනීම සදහා සාකච්ඡා පවත්වමිනි.චීනය,ජපානය වැනි රටවල්ද ලෝක බැංකුව,ආසියා සංවර්ධන බැංකුව වැනි ආයතනයන්ද මේවා අතර සිටී.
ශී‍්‍ර ලංකාව අඩු ආදායම්ලාභී රටක තත්ත්වයේ සිට අඩු මධ්‍ය ආදායම්ලාභී රටක තත්ත්වයට අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් දැන් වර්ග කර තිබීම නිසා සහනදායී ක‍්‍රම යටතේ ආධාර ලබාගැනීමට ශී‍්‍ර ලංකාවට දුෂ්කර වී තිබේ.
ශී‍්‍ර ලංකාවේ සමස්ත ණය බර රුපියල් ටි‍්‍රලියන 6.79 කි.
2008 - 2013 අතර කාලයේ සංවර්ධන ව්‍යාපෘතීන් සදහා ඩොලර් බිලියන 15.38 ක ආධාර ශී‍්‍ර ලංකාව ලබාගෙන ඇත.රටට වැඩි බරක් නොදැනෙන පරිදි මුදල් ආපසු ගෙවීම සිදුකෙරෙමින් පවතින බව අමාත්‍යංශය කියයි.
2017 වසර වන විට ගෙවීමට නියමිතව ඇති ණය සදහා ඩොලර් බිලියන 6 කට අධික මුදල් ප‍්‍රමාණයක් ශී‍්‍රලංකාවට අවැසි වනු ඇතැයි ඇස්තමේන්තු ගත කර තිබේ.