‘සුහද කොකා‘ මංගල දැක්මට ගයන්තත් එයි


ගිරිරාජ් කෞශල්‍යගේ දෙවැනි සිනමා නිර්මාණය වූ සුහද කොකා චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම පසුගියදා කොළඹ රීගල් සිනමා ශාලාවේදී ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

විජය නන්දසිරි, කුසුම් රේණු , රොඩ්නි වර්ණකුල , ලාල් කුලරත්න, ව්.ජයසිරි , සතිස්චන්ද්‍ර එදිරිසිංහ , මිහිර සිරිතිලක , ගිරිරාජ් කෞශල්‍ය, සමන් හේමරත්න ඇතුළු පිරිසක් එයට රංගනයෙන් දායක වෙති.

ජනමාධ්‍ය ඇමැතිවරයා චිත්‍රපටයේ මංගල දර්ශනයට සහභාගී වෙමින් කලාකරුවන් සමග සුහද පිළිසඳරකද නිරත විය.

12178973_1020809448458620151026266_750731662_n 12179480_10208094488426362_13201510267144879_n 12179706_10208094483986251_120151026959080708_n 12182363_10208094486386311_20151026647475992_n