ගංවතුරින් හා නායයෑම්වලින් විපතට පත්වූ පාසල් සිසුන් වෙනුවෙන් ඩයලොග් ආයතනය, ජනමාධ්‍ය අමාත්‍යංශය රජයේ මාධ්‍ය ආයතන කිහිපයක් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව ‘සෙනෙහෙ සියපත‘ අරමුදල අද පාවහන් මිලට ගැනීමේ වවුචර් පත් පරිත්‍යාග කළේය.
‘සති කිහිපයකට පෙර අනපේක්ෂිත ආකාරයට රටේ විවිධ ප්‍රදේශවල ඇතිවූ ගංවතුරින් හා නායයෑම්වලින් විශාල විපතක් සිදුවුණා. මේ අවස්ථාවේ ජනපති අගමැති මැදිහත්වෙලා ජනපති කාර්යසාධන කමිටුවක් පවා ඇතිකර අවශ්‍ය කටයුතු සිදුකරන විට රටේ ජනතාව, ආයතන හා සංවිධාන මැදිහත්වී විශාල වැඩකොටසක් සිදුකළා‘ යැයි එම අවස්ථාවට එක්වූ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.