(හර්ෂණ තුෂාර සිල්වා)
හුවාවි සමාගමේ ‘හුවාවි පී20 ප්‍රෝ’(Huawei P20 Pro) නවතම ජංගම දුරකතනය ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ. කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ‘හුවාවි පී20 ප්‍රෝ’ (Huawei P20 Pro) ජංගම දුරකතනය මැයි 04 වැනිදා සිට වෙළෙඳපොළට නිකුත් කෙරේ.
මෙහිදි අදහස් දැක්වූ හුවාවි සමාගමේ ශ්‍රී ලංකාවේ ප්‍රධානී පීටර් ලියු මහතා පැවසුවේ හුවාවි සමාගමේ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ කොටස 7% කින් වර්ධනය වී ඇති බවයි.
අද හඳුන්වා දුන් ‘හුවාවි පී20 ප්‍රෝ’ ජංගම දුරකතනය ජංගම ඡායාරූපකරණයට වැඩි අවධානයක් යොමු කර තිබේ. මෙම නව ජංගම දුරකතනය ඉදිරිපස කැමරාවට අමතරව කැමරා තුනකින් සමන්විතය. මෙම ස්මාට් ජංගම දුරකතනය කෘතිම බුද්ධිය මගින් මෙහෙයවීම ද විශේෂත්යක් යැයි එම සමාගම කියයි.
ඡායාරූප - ඉෂාන් සංජීව