මෙවර ඉදිරිපත් කෙරෙන අයවැය රටෙහි අනාගත ආර්ථික සංවර්ධන කි‍්‍රයාවලිය ඉලක්කකර ඉදිරිපත් කෙරෙන්නක් විනා ඇතැමුන් පවසන ආකාරයට ඡන්ද ගුණ්ඩු මල්ලක් නොවන බව ජනාධිපති උපදේශක හා මහා භාණ්ඩාගාරයේ ලේකම් පී.බී ජයසුන්දර පවසයි.
ඔහුට අනුව අයවැයෙන් සියයට 8.2 ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගැනීම හා රටේ නිෂ්පාදිතය හා ලබාගෙන ඇති ණය අතර පරතරය සියයට 4.4 ක් දක්වා පහත හෙළීම ඉලක්ක කර ඇත.
ආර්ථික සංවර්ධනය වෙනුවෙන් යොදාගත හැකි මහා පරිමාන ව්‍යාපෘතීන් වෙත මෙවර අයවැයෙන් වැඩි ඉඩක් වෙන්ව ඇති බව සඳහන් කරන මහා භාණ්ඩාගාර ලේකම් වරයා ගල් අඟුරු බලාගාර,අධිවේගී මාර්ගයන්,දුම්රිය මාර්ගයන්,නගර සංවර්ධනය කිරීම් ආදී ව්‍යාපෘතීන් ඉදිරියටත් කි‍්‍රයාත්මක කෙරෙනු ඇති බව කියයි.
මහබැංකු වාර්තා වලට අනුව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාලනය ආරම්භ කළ 2005 වසරේ සිට මේ දක්වා ගතව තිබෙන කාලයේ රටේ නිශ්පාදනය හා ලබාගෙන ඇති ණය අතර පරතරය සියයට 90 සිට සියයට 78.3 ක් දක්වා පහත හෙළීමටත්, වසර 5 ක් පුරාවට උද්ධමනය අංක එකක අගයකින් යුතුව පවත්වාගැනීමටත්, ණය සඳහා පොලී පහත හෙළීමටත් හැකිව ඇත.
රජයේ පැත්තෙන් එසේ පැවසුණත් රජය බොරු අගයන් මවා පාමින් රටේ ජනතාව රවටමින් සිටී යැයි විපක්ෂය චෝදනා කරයි.
ආර්ථික විශේෂඥයින්ද මත පළකරමින් පවසා සිටින්නේ ජනාධිපතිවරණයක් ළඟ එන බැවින් කොතෙක් කීවද මෙවර අයවැයෙන් ජනතාවට සහන ලැයිස්තුවක්ම ලබාදීමට රජය කටයුතු කරනු ඇති බවයි.