හිරාන් ප්‍රියංකර ජයසිංහ
දෙස් විදෙස් සංචාරකයින් සහ පරිසරවේදීන්ගේ නොමද ආදරයට ලක්ව ඇති ආනවිලුන්දාව ජාත්‍යන්තර රැම්සා තෙත්බිම මිනිස් ක්‍රියාකාරකම් සහ ආක්‍රමණික ශාක හේතුවෙන් බරපතල ලෙස තර්ජනයට ලක්ව ඇති බව ජනතාව පවසයි.
ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම කුරුළු අභය භුමිය ලෙස සැළකෙන ආනවිලුන්දාව රැම්සා ජාත්‍යන්තර තෙත්බිම හෙක්ටයාර් 1397 ක විශාලත්වයකින් සමන්විත වන බව කියයි.
සුන්දර පාරිසරික වටිනාකමකින් යුත් ආනවිලුන්දාව අභය භුමිය තුළ පිහිටි වැව් පද්ධතිය මේ වන විට ජලය රදා ගැනීමේ ප්‍රමාණය සුළු මට්ටමක පවතින බවත් එයට හේතුව ලෙස ආක්‍රමණික ශාක වැව් පද්ධතිය පුරාම පැතිරි යාම බවද ගම්වැසියෝ චෝදනා කරති.
ඒ සමඟම මෙම භුමිය තුළ සැරිසැරු පක්ෂීන් ඇතුළු සත්ව විශේෂ විශාල ප්‍රමාණයක් වැව් පද්ධති තුළ ප්‍රමාණවත් ජල මට්ටමක් රැදී නොතිබිම නිසා තෙත්බිම අනතුරේ පවතී.
සත්ව හා රුක්ෂලතා ආඥා පනත යටතේ 1997 ජුනි 11 වැනි දා අභය භුමියක් ලෙස ආනවිලුන්දාව තෙත්බිම ප්‍රකාශයට පත්කර ඇත.
මෙම තෙත්බිම අන්තරජාතික රැම්සා තෙත්බිමක් ලෙස 2001 අගොස්තු 3 දින ප්‍රකාශයට පත්කර කෙරිණි.
ආනවිලුන්දාව රැම්සා තෙත්බිම තම වාස භුමිය කරගත් දේශීය සහ විදේශීය පක්ෂීන්ගේ ආහාර හා අභිජනන භුමියක් ලෙස ද පත්කර තිබිණි.
ආනවිලුන්දාව රැම්සා භුමියට අයත් වැව් අටක වැව් පද්ධතියේ සුළු ජල ප්‍රමාණයක් රැදී තිබීමත් ආක්‍රමණික ශාක වැව් පද්ධතිය වසා පැවතීමත් සමඟ මෙහි සැරිසරන පක්ෂීන්, ඇතුළු සත්ව කොට්ඨාස රැසකට බරපතල තර්ජනයක් ඇති වී තිබේ.
මේ පිළිබදව කළ විමසිමේදි අදහස් දැක්වු පුත්තලම දිස්ත්‍රික් වන ජීවි සහකාර අධ්‍යක්ෂ ඩබ්ලියු.එම්.එස්.කේ. චන්ද්‍රරත්න මහතා මෙසේ පැවසීය.
‘ඔව් මේ කියන කථාව ඇත්ත අපිටත් එය තේරුම් ගිහින් තිබෙනවා . අපි මේ වන විටත් ඉහල නිළධාරින් දැනුවත් කර තිබෙනවා . මේ ආක්‍රමණික ශාක වැව් වලින් කඩිනමින් ඉවත් කළ යුතුයි කියන කරුණ සඳහා. අනික් දේ තමා අවට ඉස්සන් වගාවන් නිසා ආනවිලුන්දාවේ පරිසර පද්ධතියට බරපතල තර්ජනයක් එල්ල වෙලා . ඒ ඉස්සන් වගාවන් තුලින් ඉවත් කරන රසායනික ද්‍රව්‍ය සහිත අප ජලය කිසිදු ඉවක් බවක් නොමැතිව කලපුවට මුදා හැරිමත් සමඟ ආනවිලුන්දාවේ කඩෝලාන පද්ධතියට තර්ජන එල්ල වී තියෙනවා. මේ කටයුතු වෙනුවෙන් අදාළ අංශ සමඟ එක් වී වැඩ කටයුතු ආරම්භ කරන්න සුදානම්ව සිටිනවා.’