අදහස් සොඳ වෙලා සැම කෙනෙකුන් ගාවා
උදහස් නොවී සාමෙන් නිති විස ෙඳ්වා
මදහස් සැමගේ මුව අද්දර රැව් දේවා
දෙදහස් දහනවය සතහට සෙත් වේවා

අප ෙෙමත්රියෙන් හදවත් පුරවා මනුෂ්‍යයන්ට මෙන්ම සතුන්ට ද සම සිතින් කරුණාව දැක්විය හැකි නම් ඔබ සමාජයට යහපත් කැපී පෙනෙන හා අගය කරන කෙනෙකු වනු ඇත. එමෙන්ම අන් අයගේ සිත් රිදවන සැරපරුෂ වෙනුවට ඔබ කතා කරන වචන මෘදු මොලොක් බවින් යුක්ත නම් ඔබ මුදිතා ගුණයෙහි පිහිටියා වැන්න. එවිට ඔබ ප්‍රියමනාප පුද්ගලයෙකි. එමෙන්ම උපේක්ඛා ගුණය නම් වූ ඉවසීම ඔබ ජීවිතය ජයගැනීමට ඉතාම අවැසි පුරුදු පුහුණු කළ යුතුම දෙයකි. පවුල තුළින් හා සමාජීය වශයෙන් විවිධ අවස්ථාවල සිදුවන හැල හැප්පීම් හමුවේ ඔබේ ඉවසීම ඉතාම වටිනු ඇත.
තව ද අප අනුන්ගේ රොස් පරොස් විවේචනය නොකර තම තමන්ගේ අඩුලුහුඬු සකසා ගෙන දැහැමිව හා සමාජයට වැඩදායකව වෙසෙන්නට උත්සාහ ගන්නා විට අපගේ බාල පරම්පරාවට ද එය ආදර්ශයක් වන්නේය. ඒ මගින් අප අවට වෙසෙන්නන් හා ඇතිවන ගැටලු ද අවම වනු ඇත. වටපිටාවේ සාමය ඇති වී එය මුළු මහත් සමාජය සිසාරා විහිදී බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ හැකියාව උදාවනු ඇත.
ලබන්නා වූ 2019 නව වසර සියලු දෙනාටම තිසරණයේ ආනුභාවයෙන් යහපත් සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවායි ඉත සිතින් පතන්නෙමු.
විමලා යාපා
සයිප්‍රස් සිට