(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල කණ්ඩලම ප්‍රධාන මාර්ගයේ කණ්ඩලම වැව ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි යුද හමුදා සෙබළකු වන අලි ප්‍රහාරයකට ලක් අද අලුයම ජීවිතක්ෂයට පත්ව ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කණ්ඩලම ප්‍රදේශයේ පදිංචි රසික ලක්මාල් 36 හැවිරදි දෙදරූ පියකු වන යුද හමුදා සෙබළෙකු බව පොලිසිය ප්‍රකාශ කළේය.

නිවාඩු අවසන් කොට නැවතත් ශාලාව යුද හමුදා කඳවුරට ගමන් කිරීම සඳහා නිවසේ සිට අලුයම කාලයේ යතුරුපැදියකින් පැමිණි බවත් පසුව  අලියාගේ පහර කෑමට ලක්ව මහ මඟ වැටී සිටි මෙම සෙබලා පිළිබඳව මාර්ගයේ ගමන් කරමින් සිටි ලොරි රථ රියදුරෙකු දඹුල්ල පොලිසියට දැනුවත් කොට තිබේ.

පොලිසිය පැමිණ තුවාලකරු  රෝහලට ඇතුළත් කළ ද ඔහු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.