අතිසාර්ථක බොලිවුඩ් චිත්‍රපට මාලාවක් වන "ක්‍රිෂ්" චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටයක් ලබන වසරේදී තිරගත කිරීමට සැලසුම් කර තිබෙන බව "කෝයි මෝයි" වෙබ් අඩවිය සඳහන් කරනවා. පසුගියදා මෙම චිත්‍රපට සම්බන්ධ ගිවිසුම් අත්සන් කළ අතර, චිත්‍රපටය රිතික්ගේ "කාබිල්" චිත්‍රපටය තිරගත වීමෙන් අනතුරුව රූපගත කිරීම් කටයුතු ආරම්භ කරන්නට සැලසුම් කර තිබෙන බව සඳහන්.
මෙම අලුත්ම "ක්‍රිෂ්" චිත්‍රපටයේද අධ්‍යක්ෂණයෙන් හා නිෂ්පාදනයෙන් දායක වී ඇත්තේ රිතික්ගේ පියා වන රාකේෂ් රෝෂන් බව සඳහන් වෙනවා. අවසන් වරට "ක්‍රිෂ්" චිත්‍රපටයක් තිරගත වුයේ 2013 වසරේදියි. ඒ "ක්‍රිෂ්" තුන්වැනි චිත්‍රපටයයි. එය තිරගත වූ කාලසීමාවේදී ලොව වටා ප්‍රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 291ක මුදලක් උපයා ගැනීමට සමත් වුණා.
"මොහෙන්ජෝ දාරෝ" චිත්‍රපටය අසාර්ථක වීමත්, ලබන වසරේ "කාබිල්" චිත්‍රපටය තිරගත වන දිනයේදීම සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ "රායිස්" චිත්‍රපටය තිරගත වීමට කටයුතු යොදා තිබීමත් හේතුවෙන් මෙසේ "ක්‍රිෂ්" අලුත්ම චිත්‍රපටය නිර්මාණය කරන්නට ඉක්මන් වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.