(අංජුල මහික වීරරත්න)
2027 අයවැයෙන් රාජ්‍ය සේවා ඉංජිනේරුවන්ව නොසලකා හැරීමට එරෙහිව අද(13) දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් කරන බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය නිවේදනය කරයි.
ලබන වර්ෂයේ රට තුළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබියදීත්, එම ව්‍යාපෘතිවල ප්‍රධාන තාක්ෂණික හා ක්ෂේත්‍ර කාර්යභාරය ඉටු කරන රාජ්‍ය සේවා ඉංජිනේරු නිලධාරීන් 2027 අයවැය මගින් සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
මීට විරෝධය පළ කරමින් අද දින අසනීප නිවාඩු වාර්තා කරමින් සංකේත වැඩ වර්ජනයක් කරන බවත් තම ඉල්ලීම සඳහා රජය විසින් කඩිනම් හා සාධනීය විසඳුමක් ලබා නොදුනහොත්, ඉදිරියේදී මීට වඩා දැඩි හා අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගවලට එළඹීමට සිදුවන බවත් ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd