වත්මන් රජය පාසල් ක්‍රිකට් දියුණු කිරීමට කටයුතු කරන බවත් ඒ සදහා මුදල් ප්‍රතිපාදන වෙන්කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද (29) අධ්‍යාපන අමාත්‍යංශයේ දී කීවේය.
“ජාතික කණ්ඩායමට අවශ්‍ය දක්ෂයෝ රට වටෙන්ම හොයලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ අමාත්‍යංශයේ යුතුකමක් තමයි අවශ්‍ය අයට ඉදිරියට එන්න පහසුකම් ලාබදීම.“ යැයිද ඔහු පැවසීය
ඔහු මේ බව කියා සිටියේ එංගලන්ත සංචාරය ජය ගත් අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණඩායමට ඇගයීමේ උත්සාහවයට සහභාගි වෙමිනි.