(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනී Dewi Gustina Tobing මහත්මිය අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය.
දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා වර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා සිදු කෙරී ඇත.
වෙළෙඳාම, සංචාරක, තාක්‍ෂණය සහ අධ්‍යාපනය ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම ආගමික සංචාර ක්ෂේත්‍රය ඇතුළු සංචාරක හුවමාරු පුළුල් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතියට විදුලි වාහන යොදා ගැනීම සහ තොරතුරු තාක්ෂණ කර්මාන්තය සදහා වන සහයෝගීතාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව තිබේ.