
(ගයාන් සූරියආරච්චි)
මත්ද්රව්ය හා සංවිධාන්තමක අපරාධකරුවකු වන ලොකු පැටී නැමැත්තාගේ ප්රධාන වෙඩික්කරු මාවතගම ප්රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කර කොන්ක්රීට් කනුවක ගැටගසා ගිංගඟට දැමූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, බෝපේ ප්ර දේශයේ පදිංචි දැනට මුලතිව් පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන ප්රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.
සැකකරු මහනුවර අධිකරණ සංකීර්ණය අසලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd