අත් යන්ත්‍ර සහ බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.
එම කර්මාන්තවල නිරත නිෂ්පාදකයන් නඟා සිටුවමින් ඒවාට තවත් නිෂ්පාදකයන් ආකර්ශනය කරගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා එම තීරණය ගෙන තිබේ.
රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ නිරතවූවන් මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ අද (15) පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී එම තීරණය ගෙන ඇත.
ආනයනික රෙදි භාවිතයෙන් නිපදවන ඇඟළුම් වෙනුවට දේශීය රෙදි නිෂ්පාදන ආශ්‍රිත නිමි ඇඳුම් සඳහා වැඩි වෙළෙඳපොළ අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් එහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර එමඟින් විදේශවලට ඇචී යන විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට ද හැකියාව ලැබේ.
පාසල් සහ විවිධ නිල ඇඳුම් සඳහා කෙරෙන රෙදි නිෂ්පාදනයේ ප්‍රමිතිය ඉහළ ගුණාත්මක අගයක් තිබිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සාකච්ඡවේදී පෙන්වා දුන්නේය. ඒ සඳහා සුපරීක්ෂක කණ්ඩායමක් යොදවන්නැයි ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කිහිපදෙනකු සතු රෙදිපිළ නිෂ්පාදන වෙළෙඳපොළ ඊට කැමැත්තක් දක්වන වෙනත් ආයෝජකයන්ට ද විවෘත කිරීමේ වැදගත්කම ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් පෙන්වාදුන්නේය.
නිමි ඇඳුම් නිෂ්පාදකයන් සහ දේශීය වෙළෙඳ ආයතන සාමූහිකව රැස්ව තීරණ ගැනීමෙන් පුළුල් වෙළෙඳපොළක් නිර්මණය කළ යුතු බවත්, සෙසු රටවල ගැනුම්කරුවන්ට ඇඟළුම් තොග වශයෙන් මිලදී ගැනීමට වෙළෙඳ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවත් මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණි.
විදේශවලින් ගෙන්වන නූල් සහ රසායනික වර්ණවල ප්‍රමිතිය සහ මිල ගණන් ආශ්‍රිත ගැටළු නිරාකරණය පිළිබඳව ද මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
අමාත්‍ය විමල් වීරවංශ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මීහූ සහ ඇගළුම් සහ රෙදි පිළී ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෝ පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
055