(ගයාන් සූරියආරච්චි)
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා අධිකරණ නියෝගයට අනුගත නොවුණ හොත් සැකකරුවන් නීතිය හමුවට රැගෙන එන ක්‍රමවේදවලට අනුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.
දේශබන්දු තෙන්නකොන් මහතා අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් කීපයක් යොදවා විමර්ශන සිදුකළ ද මේවන විට ඔහු නීතියට අනුගත නොවී කටයුතු කිරීම හේතුවෙන් ඔහුගේ දුරකතන සම්බන්ධතා වර්තා සහ රැදී සිටින ස්ථාන පිළිබදව පරික්ෂණ සිදුකර ඇති බවද මනතුංග මහතා කීය.