(කේ බුද්ධික කුමාරසිරි)
පාදුක්ක - කොළඹ මාර්ගයේ ලියන්වල හන්දිය ආසන්නයේදී ලොරි රථයක් , යතුරු පැදියක පිටුපස ගැටී අද (27) සිදු වූ අනතුරකින් යතුරු පැදියෙහි ගමන් ගත් සිව් හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වග පින්නවල ප්‍රදේශයේ පදිංචිව සිටි සිව් හැවිරිදි පෙර පාසල් දරුවෙකි. අනතුර කළ බවට සැක කරන ලොරි රථය සහ එහි රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි
අනතුර සිදුවන අවස්ථාවේදී එම යතුරුපැදියේ සිව් දෙනකු ගමන් කර ඇති බව පොලීසිය පවසයි.