අන්තරේ පාගමනට කදුළු ගෑස්


(ඩයනා උදයංගනී)

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන විසුරුවා හැරීම සඳහා මීට ‍සුළු මොහ‍ොතකට පෙර පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය.
ඒ කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදීය.

මෙම පා ගමන කොළඹ ලිප්ටන් වටරවුම අසලින් ආරම්භ කෙරිණි.

ඩීල් රනිල් - රාජපක්ෂ ජුන්ටාව පන්නමු, විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කරනු,ජනතා බලය තහවුරු කරන නව ව්‍යවස්ථාවක් උදෙසා සටන් වදිමු, තවත් ණය එපා-හොරා කාපු සල්ලි දියව්, බඩු මිල-බදු බර දරන්න බෑ ජීවත් වෙන්න සහන දියව්, වසර 03ක් අඩපණ කර ඇති පාසල්- සරසවි  වහා විවෘත කරනු, මර්දනය නවතනු අත් අඩංගුවට ගත් සියලු අරගලකරුවන් වහා නිදහස් කරනු යන ඉල්ලීම් මුල්කරගනිමින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබිණි.